Supergirl (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Overview
කතාව ගැන හැඳින්වීමක් කරන්න කලින් මේකෙදි ප්‍රධාන නළු නිළි කැළ ගැන කෙටියෙන් කියලා සරල පැහැදිලි කිරීමක් කරන්නම්. House of the Dragon කතා මාලාවෙන් ලෝකප්‍රකට වුණු Milly Alcock තමා Kara Zor-El නොහොත් Supergirl විදිහට මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. සාමාන්‍ය සුපර්මෑන් වගේ නෙවෙයි, මේ සුපර්ගර්ල් ටිකක් රෆ්, ඇටිටියුඩ් තියෙන, මානසිකව වැටුණු සහ තරහින් ඉන්න කැරැක්ටර් එකක්. චිත්‍රපටයේ ප්‍රධාන දුෂ්ටයා විදිහට අපිට දැකගන්න ලැබෙන්නෙ Krem of the Yellow Hills ව. එම චරිතයට පණ පොවන්නෙ Matthias Schoenaerts විසින්. ඔහු අභ්‍යවකාශ කොල්ලකරුවන් වගේම මිනිස් ජාවාරම්කරුවන් කණ්ඩායමක නායකයෙක්. Eve Ridleyව අපිට දකින්න ලැබෙන්නෙ Ruthye Marye Knoll චරිතයෙන්. තම පියා මරා දැමූ Kremගෙන් පළිගැනීම සඳහා සුපර්ගර්ල්ගේ සහය පතන කුඩා පිටසක්වල දැරිය විදිහට. අපේ පැරණි Aquaman වුණු Jason Momoa ව, Lobo චරිතයෙන් අපිට බලාගන්න ලැබෙනවා! ඔහු දැන් DCU එකේ ‘Lobo’ (Interstellar Bounty Hunter) විදිහට මේ මූවි එකට සම්බන්ධ වෙනවා. කොමික් එකේ ලෝබෝ නැතත් මූවි එකේ මෙයා ලොකු රෝල් එකක් කරනවා. David Corenswet වත් කාරාගේ ඥාති සොහොයුරා වන සුපර්මෑන් විදිහට මේ චිත්‍රපටය තුළදී බලාගන්න ලැබෙනවා කියලා කලින් වතාවෙදි නිවේදනය කෙරුනා වගේම පොඩි ටීසර් පාට් එකකින් ඒ බව තහවුරු වුණා ඔයාලට මතක ඇති. ඒවගේම කාරා දෙමව්පියන් වශයෙන් David Krumholtz (Zor-El) සහ Emily Beecham (Alura In-Ze) වත් චිත්‍රපටයේදි අපිට බලාගන්න ලැබෙනවා. මීට අමතරව කතාවේ විශේෂම සහ ප්‍රධානම කොටස්කරුවෙක් වෙන සුපර්ගර්ල්ගේ සුරතලා වන ක්‍රිප්ටෝ වත් බලාගන්න පුළුවන්.
සිංහල උපසිරැසි වල සම්පූර්න අයිතිය සහා ස්තූතිය “රුක්ෂාන් ඛාන් (රුකා) හිමි විය යුතුයි.
Subtitles
Subtitle & Technical Information
Cast
Crew
Frequently Asked Questions & Subtitle Guide
Supergirl (2026) Sinhala Subtitles සඳහා උපසිරැසි භාවිතය සහ ගැටලු නිරාකරණය පිළිබඳ උපදෙස්.
ඉහත Subtitles කොටසෙන් .zip හෝ .srt ගොනුව ඔබගේ පරිගණකයට හෝ දුරකථනයට බාගත කරගන්න.
Zip ගොනුවක් නම් Extract කර, වීඩියෝව සහ උපසිරැසි ගොනුව එකම නමින් එකම Folder එකේ තබන්න.
VLC Player හෝ MX Player මඟින් වීඩියෝව Open කර පහසුවෙන්ම සිංහල උපසිරැසි සමඟ නරඹන්න.
මෙම පිටුවේ ඇති 'Subtitles' කොටසේ ඇති 'Download' බොත්තම ක්ලික් කිරීමෙන් Supergirl (2026) සඳහා වන සිංහල උපසිරැසි (.SRT / .ZIP) ගොනුව කිසිදු අපහසුවකින් තොරව නොමිලේම ඔබගේ පරිගණකයට හෝ දුරකථනයට බාගත කරගත හැක.
Discussion & Comments 0
Join the Conversation
You must be logged in to post a comment. Don't have an account? Register now in seconds!
No comments yet. Be the first to share your thoughts!